කාම මාතාංගේෂ්වරිය කාමුක වශී

 

කාමය

ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට  mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.

කාමුකයන්ත‍්‍රවර්ග රාශියක් තිබෙනවා. ඒ රෝගවලට, දියුණුවට, ග‍්‍රහ අපලවලට, යක්‍ෂ භූත දෝෂවලට. මේවා වෙන්වෙන්ව කරන්ට ඕනි. ඒ ඒ අදාළ දිෂ්ඨි හා ජප මන්ත‍්‍ර සමග යන්ත‍්‍රයට බෙහෙත් ගල්වා මූලික ප‍්‍රතිපත්තිය දැනගන්න ඕනෑ. එහෙම නැතුව යන්ත‍්‍රය පටන්ගන්නවා තියා අල්ලන්නවත් එපා. දිග පළල අත්‍යවශ්‍යයි. 2’’x8’’ ප‍්‍රතිඵලය මරණය බව දැනගන්න.

ඔබට සියලුම මන්තර ඇතුලත් අපගේ මන්තර පොත ලබා ගැනීම සදහා මෙතනින් යන්න Click Here

මාතාංගේෂ්වරි කාණ්ඩ ඔක්කොම වශී යන්ත‍්‍ර තමයි. වර්ග තුනයි ඒ කිව්වේ කුඩා මාතාංගේෂ්වරිය, මහ මාතාංගේෂ්වරිය හා කාම මාතාංගේෂ්වරිය මේ කාම මාතාංගේෂ්වරිය පාරම්පරික ස්ථානයකින් හැරෙන්න පොත් වෙළෙඳසැලකින් ගන්න බැහැ. හරියට නවනාථ වර්ගයේ ස්කෝන නවනාථය වගේ ඒ ඒ ප‍්‍රස්ථාරය තිබුණට මන්ත‍්‍රය අඩුයි.

 

මේ කාම මාතාංගේෂ්වරිය වැඩිපුරම ප‍්‍රතිඵල දෙන්නේ විවාහක හා නටාංශක දෝෂවලටයි. නටාංශක දෝෂ ගැන දන්නවනේ. මා කීප විටක්ම කලින් ලිව්වා. මේ දෝෂය ස්ත‍්‍රී - පුරුෂ දෙපාර්ශ්වයටම පිහිටනවා.

යන්ත්‍ර
කොටින්ම කිව්වොත් මේ අඩුපාඩුව නැත්නම් දුර්වලතාවට ගොඩක් අය පිටකොටුවේ පෞද්ගලික ෆාමසිවලින් බෙහෙත් පෙති/ කරල් අරන් බොනවා. මොකද වෛiවරුන්ට කියන්න ලජ්ජා නිසා. තවත් සමහරු සිංහල වෛiවරුන්ට කියලා බෙහෙත් චූර්ණ හදාගෙන කනවා. පුහුල් චූර්ණය බොහොම අය හදාගෙන කනවා. ඒවා වැඩිපුර හරියන්නෙ බඩ උෂ්ණාධික අයට. මේ යන්ත‍්‍රයෙන් කෙරෙන්නෙත් එවැනිම දෙයක්. දෙපාර්ශ්වයටම බලපානවා. මේ යන්ත‍්‍රය පැළැඳීමෙන් ඒ දුර්වල කම නැතිවෙලා සතුටින් දරුවෝ හදාගෙන ඉන්නවා. ඒ යන්ත‍්‍රය හැම දාමත් දාගෙන ඉන්න ඕනත් නැහැ. දාගෙන හිටියත් වරදක් නැහැ.

 

 ඕනෑම කෙනකුගේ උත්පත්ති ජන්මපත‍්‍රය පරීක්‍ෂා කළාම බොහෝ දුරට මේ දෝෂ ගැන කියන්න පුළුවන්. මේවා උත්පත්ති ග‍්‍රහ පිහිටීම්. කොයි කාලෙටද බලපාන්නේ කියලා කියන්නෙ තත්කාල කේන්දරයෙන්. මේ දුර්වලතාවය ස්ත‍්‍ර‍්‍රියට බලපෑවොත් ස්වාමියාටත් හොරෙන් තමයි යන්ත‍්‍රය දාගන්නේ. පිරිමියාත් ඒ වගේමයි. මේ ක‍්‍රමයේ වරදක් දකින්නේ නැහැ. යහපත් ජීවිතයක් ගත කරන එකනේ වැදගත්. සමහර අය මේවා රෝග හැටියට සලකන නමුත් රෝග නොවේ. දුර්වලතා කොටින්ම කිව්වොත් සරාගි යෝගවල විරුද්ධ පැත්ත අපි හිතමු.

 

අප හිතමු පිරිමියාට එක් අයකුට සරාගි යෝගයක් පිහිටියා කියලා. එයාට අවශ්‍ය විදියට අනිකාට කාම සම්පත්තිය ඉටු කරන්ට හැකියාවක් නැතිවනවා. ඉතින් දරුවොත් හදනවා. නමුත් පවුලේ ප‍්‍රශ්න. විශේෂයෙන් මේ මාතාංගේෂ්වරි යන්ත පළඳින කොට පූර්ණ රහස් රැකීම සෑම ජ්‍යොතිර්වේදියකුගේම යුතුකම වෙනවා. ගුප්ත විද්‍යාව කොහොමට වත් රහස් බව අමතක කරන්න හොඳ නැහැ.

 

මේ අඩුපාඩුව නැත්නම් දුර්වලතාවය කෙනකුට තිබුණට එයාට ඒක වැටහෙන්නේ නැහැ. අනිත් පාර්ශ්වයට වැටහුණාට එයා දන්වන්නෙත් නැහැ. ඉතින් ප‍්‍රශ්න. ඒක දුරදිග ගිහිල්ලා දීගය කැඩෙන තැනට යනවා. සමලිංගික ප‍්‍රශ්න ඇතිවීමට මූලික ප‍්‍රශ්නය මෙය වෙනවා.

 

මේ ප‍්‍රශ්නය ඇතිවූ විට කොහොමද දැනගන්නේ. ඒකත් ප‍්‍රශ්නයක් තමයි නේද? කියන්නම් කෝ විවාහක නම් පවුලේ නෝනා මහත්තයාට වඩා සමාජයට කැපීපෙනෙන්න වැඩ කරනවා. ලස්සනට ඇඳුම් අඳිනවා. ඒ පිටස්තර අය පිනවන්න. විය යුත්තේ ඒකේ අනිත් පැත්ත. ස්වාමියාට වුණාමත් ඒ වගේමයි. ඔය දැකලා නැද්ද පවුලේ ප‍්‍රශ්න තබාගෙන පවුල් සංවිධාන කරන්න යන සැදැහැවත් නෝනලා මහත්තයලා. ඒ වගේ අවිවාහක නම් දැන්ම මඟුල් එපා කියලා විවාහය කල් දමනවා.

 

මේ දුර්වලතාව සුළුපටු එකක් විදියට බැලූවට සමාජ විනාශයක්. රාත‍්‍රි සමාජ ශාලාවේ පිහිට පතන අයගෙන් වැඩි දෙනකුට මේ අඩුපාඩුව තිබෙනවා. සමහර පිරිමි මේ දුර්වලතාවය පිරිමහගන්න මත්වතුර යම්කිසි ප‍්‍රමාණයක් පාවිච්චි කරනවා. එහෙමත් නැත්නම් මත්පෙත්තක් දෙකක් පාවිච්චි කරනවා. කෙටි කාලීන සුවයක් ලැබුවත් මේවා දීර්ඝකාලීන රෝග බවට පත් වෙනවා. මේ පෙති ගන්න අයට එකක් කියන්න කැමැතියි. ඔබේ ජන්මපත‍්‍රයේ බුධ ඔබට මාරක නම් ඔබට ශල්‍ය කර්මයක් ආ දිනට සිහිය නැති කළහම සිහිය ගන්න බැරි වෙනවා. ඒ වගේ මරණ ඔබ කොතෙකුත් දැක ඇති මේවා ප‍්‍රශ්න නැති ප‍්‍රශ්න.

 

මම විශේෂයෙන් මේ කාම මාතාංගේෂ්වරිය ගැන ලිව්වේ මෙම යන්ත‍්‍රය දමන රෝග නිධානය හේතුකොට ගෙන ගොඩක් පවුල් අවුල් වෙන නිසා. ඉතාම ආදරයෙන් සෙනහසින් එක වේලක් කාලා ජීවත් වෙමු කියලා කසාද බැඳපු අලූත් ජෝඩු වසරකටත් අඩු කාලවලදී දික්කසාදය පතනවා. මොකද තමාගේ දුර්වලතාවය ගැන තමුන්ට වැටහීමක් නැහැ. ඇහුවොත් කියනවා එයා මට හරියන්නේ නැහැ කියලා. යුද්දෙට යන්න ප‍්‍රථම යුද්දෙ භයානකත්වය වැටහෙන්නේ නැහැනේ. මේක කාම යුද්ධය කාම සම්පත්තිය සම්බන්ධව විශාල ප‍්‍රශ්නයක්. හැම දෙනාටම විවෘතව ලියන්නම් මෙම දුර්වලතාවය ඇත්නම් කිසිම ලැජ්ජාවක් බයක් වෙන්න එපා. මේ කාම මාතාංශේෂ්වරි යන්ත‍්‍රය පළඳාගන්න. රහස එළි නොකරමු. ඇත්තටම මේවා ප‍්‍රතිකර්ම මිස රහස් නොවේ.

 

ඉස්සර කාලේ මේවා තිබුණේ නැහැ. සරාගි යෝගයක් තිබුණු කෙනාට සරාගි යෝග තිබුණු කෙනා විවාහ කරලා දුන්නා. නටාංශක දෝෂ තිබූ කෙනාට ඒ දෝෂය තිබූ කෙනා විවාහකර දුන්නා. සම විවාහ ප‍්‍රශ්න ඇති වුණේ නැහැ. දරුවන් 6, 8 බිහි කළා. රටට වාසනාව. පැරැන්නෝ ජන්මපත‍්‍ර බැලූවේ 60 පැයේ ක‍්‍රමයට, තත්කාල ක‍්‍රමයට, ගුණාගුණ බලලා ඊට සරිලන කුල කුමරියක් හෝ කුල කුමාරයෙක් සමග දීග ගියා. දැන් එහෙම නැහැ. පරිගණකයෙන් මුහුණ පොතින් දීගය තීරණය කරනවා. ඉතින් මේවගේ නොවී බැහැනේ.

 

විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ යන්ත‍්‍ර දානව කියන්නේ ගස්වලට පොහොර දැමීමක් වගේ වැඩක් කියලා. පලතුරු පොහොර අවශ්‍ය ගහට පොල් පොහොර වැඩක් නැහැ. ගහේ ගෙඩි හැදෙන්න ඕන නම් ගහ හැදෙන්න පොහොර දමන්නත් එපා. මේවා කල්පනාවෙන් නිවැරදිව කළ යුතු දේවල්. සමහර අපේ කුල දරුවො/දැරිවියෝ කාලයට විවාහය කල් දානව නම් ඇයි කියලා බලන්න.

 

නෝනා හෝ මහත්තයා වැඩිපුර නිවසේ නොඉන්නවා නම්, ඔබ නුරුස්සනවා නම්, රූපවාහිනිය බලලා හිදිසියේම නින්දට යනවා නම් කාම මාතාංගේෂ්වරිය අවශ්‍ය කාලයක් වෙනවා. යම් හෙයකින් මේ කාම මාතාංගේෂ්වරිය පළඳාගෙන ගිනියම් කෑම ගැනීම ටිකක් අඩු කරන්න. නැත්නම් මත්වතුර පානය කළ පිස්සෙක් වගේ වේවි. මඳ කිපුණු හස්තියා වගේ වේවි. කාට හරි එහෙම වුණා නම් තැඹිලි හෝ උණුවතුර නිවා වැඩිපුර බොන්න. අළුකෙසෙල් ආහාරයට ගන්න. පාවිච්චිය ඒ වගේමයි.

 

මාතාංගේෂ්වරි යන්ත‍්‍රය විතරක් නොවේ සෑම යන්ත‍්‍රයක්ම බල පිහිටන්නේ ගණ පිහිටවපු අක්‍ෂරවලින් ලියලා ප‍්‍රාණක්‍ෂර ඇතුල් කර විදියටයි. ඔය යන්ත‍්‍රයක් නියමාකාරයට ඔබේ ශරීර ස්පර්ශය කළාට පසුව ඔබේ පාවිච්චිය අයහපත් වී ඒ කිව්වේ කිලි වදින විදියට තහනම් මස් මාංශ ආහාරයට ගත්තොත් සමහර විට ඔබ රෝගී වී යන්ත‍්‍ර තහඩුවේ සියුම් හිල් හැදිලා ඉදිමිලා සුරය පුපුරාවි. මේවා ඔබත් දැක ඇතිනේ.

 

ගල් අච්චුවේ ගහපු රතන යන්ත‍්‍රය ඔය පන්සල්, විහාර, දේවාල සමීපයේ රුපියල් 100/- ට විකුණන්නේ. රතන යන්ත‍්‍රය එහෙම හදලා බැහැ. ඒක අභිසම්භිධානය වගේම මහා බලගතු යන්ත‍්‍රයක්. අතින්ම අඳින්න ඕනෑ. නැත්නම් අතින්ම ප‍්‍රස්ථාර කරන්න ඕනෑ. ‘‘ සබ්බ පාපස්ස කරණං’’ කිව්වොත් වස් කවියක් බව අමතක කරන්න එපා. විශේෂ දෙයක් තමයි යන්ත‍්‍රයකින් අයහපත වළක්වා ගන්න එක යහපත ලබා ගන්නවාට වඩා. මම කලින් කිව්වනේ යන්ත‍්‍රයක දිග පළල 2 x10 හොඳයි. 2 x8 මරණය කියලා.

 සාමාන්‍ය කඬේ ඇති යන්ත‍්‍ර තහඩුවල ප‍්‍රස්ථාර කරන කොට 2 x8 ප‍්‍රමාණයට නිමවෙනවා. ඒක අශුභයි. මොකද බාහිර ඉරි කපා හරින්න එපායැ. ඔය මාතාංශේෂ්වරි, යන්ත‍්‍ර බඳින්නේ වශී වලටමයි. එනම් රෝග වසංකරි, සත්ත්ව වසංකරි, සහා වසංකරි, ස්ත‍්‍රි පුරුෂ වසංකරි, යක්‍ෂ - භූත - පේ‍්‍රත වසංකරි - සර්ව ශිල්පා වසංකරි ඔහොමනේ මන්ත‍්‍රය අවසන් කරන්නේ. මේ යන්ත‍්‍රය නිවැරදි ලෙස ප‍්‍රස්ථාර කර රත්රන් ආලේප කර ඖෂධ ආලේප කර පුරතිථියට ශරීර ස්පර්ශය කරන්න. ප‍්‍රතිඵල හරියට හරි. විශිෂ්ට ප‍්‍රතිඵල.